තුර්කියේ ඇති වූ ගංවතුරක් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගියදා ඇතිවූ දරුණු භූමිකම්පාවලට ගොදුරු වූ නගර දෙකක් මෙලෙස ගංවතුරට හේතුවෙන් ජලයෙන් යටවී ඇති බවත්, විපතට පත්වූවන් අතර භූමිකම්පාවෙන් දිවි ගලවාගත් පුද්ගලයන්ද සිටින බවත් එම මාධ්‍ය වාර්තා වල සදහන් වනවා.
තුර්කියට මිලිමීටර් 136ක වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනුයි මෙම ගංවතුර හටගෙන ඇත්තේ.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අතර සිරියානු ජාතිකයන් පස්දෙනෙකුද සිටින බවත්, විපතට පත්වූවන්ට සහන සැලසීම සහ අතුරුදන් පුද්ගලයන් සෙවීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311