කොළඹ කොටුව අවට වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදු කරන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු පවසනවා.
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී ඇති බව සඳහන්.
මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
නව බදුවලට විරෝධය පළ කරමින් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද උදෑසන සිට වැඩ වර්ජනයක් ද ආරම්භ කරනු ලැබුවා.
මේ හේතුවෙන් සායනික සහ බාහිර රෝගී අංශවල කටයුතු ද අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ පෞද්ගලික රෝහල්වල ද පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.
කෙසේ වෙතත් ළමා, මාතෘ, පිළිකා ඇතු`ඵ රෝහල් කිහිපයක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි වාර්තා වන්නේ.
නව බදුවලට විරෝධය පළ කරමින් සිදු කරන ලද මෙම විරෝධතාවය සඳහා වෘත්තීය සමිති රැසක් එක්ව සිටිනවා.
ඒ විදුලි, වරාය, ඛණිජ තෙල්, බැංකු, විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු ඇතු`ඵ වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක්.
මේ අතර නව බදු පනතට විරෝධය පළකරමින් හැටන් නගරය තුළ ද අද විරෝධතාවක් පැවැත් වුණා.
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක වෘත්තිකයින් පිරිසක් ඊට එක්ව සිටියා.
එමෙන්ම වෘත්තීය සමිතිවල ප්‍රධාන විරෝධතා රැළිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙනවා.
මේ එහිදි අදහස් දැක්වූ වෘත්තීය සමිති සාමාජිකයින්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311