දේශීය සංචාරකයින්ට අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම් බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න හිමියන් පවසනවා.
කෙසේ වෙතත් විදේශීය සංචාරකයින්ට සිරිපා කරුණා කිරීමට කිසිදු තහනමක් නොමැති බවද උන්වහන්සේ පැවසුවා.
ඒ අනුව සිරිපා කරුණාවට නව නීති සම්පාදනය කළ යුතු බවයි උන්වහන්සේ දැනුම් දෙන්නේ.
දේශීය සංචාරකයින් පරිසරය විනාශ කරමින් කටයුතු කරන බව ද පූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න හිමියන් සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311