පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 05 දෙනෙකු ලුණුගම්වෙහෙර, බෙරලිහෙල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
වීරවිල, වීරකැටිය, වලස්මුල්ල, මැදමුලන සහ තිස්සමහරාම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 45 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් පස් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
සැකකරුවන් අද තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311