ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ. කුෂාන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුනා.
ඒ, ඔහු අද අලුයම ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදීයි.
ඊ. කුෂාන් නැමැත්තාට ඕමානයේ ගෘහසේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අතවර කිරීම, ඒ සඳහා බලපෑම් කිරීම, මිනිස්ජාවාරම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුලු චෝදනා එල්ල වනවා.
සැකකරුගෙන් කටුනායක ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර ඕමානයේ දී විවිධ හිංසනයන්ට ලක් වූ කාන්තාවන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311