ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරා ගත් සැකකරුවන් ගමන් කළ වෑන් රථය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
එම වෑන් රථයේ රියදුරාගේ දෑත් සහ පා ගැටගසා පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඊයේ රාත්‍රී 12.40 ට පමණ කිසියම් පිරිසක් විසින් ATM යන්ත්‍රය ගලවා ගෙන ගොස් තිබෙනවා.
ආයුධ සන්නද්ධ පිරිසක් වෑන් රථයකින් පැමිණ බැංකුවේ ආරක්ෂක නිලධාරියා බිය ගන්වා මෙම කොල්ලය සිදු කර තිබෙනවා.
කොල්ලාකෑ මුදල කොපමණද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ගණන් බලා නොමැති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311