විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ සහෝදරිය වන දුලන්ජලී ජයකොඩි මහත්මිය, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ ඔහු සිදු කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන්.
දුලංජලී ජයකොඩි මහත්මියගේ නීතිඥයින් විසින් නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ තම සේවාදායිකාව සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා ව්‍යාජ තොරතුරු සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ඇති බවයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් දුලන්ජලී ජයකොඩි මහත්මිය අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බවයි එම ලිපියේ සඳහන් වන්නේ
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311