රාජ්‍ය සේවකයින් සඳහා පොදුවේ ලබාදෙන ස්ථාන මාරු ක්‍රමවේදය අනුව ගුරුවරුන්ට ලබාදෙන ස්ථාන මාරු කිරීම් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් පමණක් ගුරුවරුන් විෂයානුබද්ධව උචිත පරිදි ස්ථානගත කරන බවයි.
ඩිජිටල් අධ්‍යාපන සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැළසුම පිළිබඳ කෙටුම්පත භාරධීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම ස්ථානගත කිරීම්, ගුරු සංගම් මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය අර්බුද බොහොමයක් උද්ගත වී ඇත්තේ තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311