අනුරාධපුර ශික්ෂණ රෝහලේ එක් ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම හේතුවෙන් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට සිදු වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
එමෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් මෙම ළමා වාට්ටුව වසා දැමීම හේතුවෙන් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි වී ඇති බව සදහන්.
එමෙන්ම එම රෝහලේ තවත් වෛද්‍යවරුන් රැසක් රට අතහැර යාමේ සූදානමක පසුවන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටියේ.
මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ජනතාව බරපතල අසීරුතාවයකට මුහුණ දී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311