ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිටපු කථා නායක දේශබන්ධු කරු ජයසූරිය මහතාට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම සම්මානය පෙබරවාරි මස 03 වන දා ඔහු වෙත පිරිනැමීමට නියමිතයි.
මෙම සම්මානය මෙරටදී පුද්ගලයෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය වනවා.
දේශබන්ධු කරු ජයසූරිය මහතා විසින් සිදු කරන ලද සේවය ඇගයීම වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311