කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට බලහත්කාරයෙන් ඇතුළු වු වෘත්තිය සමිති නායකයින් පිළිබද විමර්ශනයක් සිදුකරන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසයි.
ඉන්ධන ගබඩාකරන හා බෙදාහරින සියලු කලාපවලට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තය තුළ යලි අනාරක්ෂිත තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන ලෙසයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311