තියුණු ආයුධයකින් පහර දී තලවතුගොඩ ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්.
ඝාතනය සිදුකල පුද්ගලයා යාචකයකු ලෙස පෙනී සිටිමින් වෛද්‍යවරයාගෙන් මුදල් ඉල්ලා තිබෙන බවත් එහිදී දෙදෙනා අතර ඇති වූ මත ගැටුමකදී සැකකරු මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය පවසනවා.
තලංගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45ක් වන වෙල්ලස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311