ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1602 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 390 ක් වනවා.
එමෙන්මකොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 272 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
ඊට අමතරව පසුගිය සතිය තුළ කල්මුනේ, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කවල ද සීඝ්‍ර ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 68 දහස් 928 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311