මෙක්සිකෝවේ ට්‍රැක්ටර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් ඇති වූ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උතුරු මෙක්සිකානු ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.
මෙම අනතුර සිදු වූ අවස්ථාවේ රථ දෙකම ගිනි ගැනීමකට ලක්ව ඇති අතර, ගින්න නිවීමට කඩිනමින් කටයුතු කර ඇති බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311