ගැටුම් නිමාකර යුක්රේනයට සාමය ගෙන ඒමේ ක්‍රියාවලියේදී මෙවර ජි 20 සමුළුවේ සභාපතිත්වය දරණ ඉන්දියාවට ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කළ හැකි බව ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි පවසනවා.
යුක්රේන ගැටුම් නිමා කිරීමේදී සියලු ජාතීන් එක්ව තබා ගැනීම වැදගත් බවත්, ඉන්දියාවට එය හොඳින් සිදුකළ හැකි බවත් අග්‍රාමාත්‍යවරිය පවසා තිබෙනවා.ඇය මෙම අදහස් පල කර ඇත්තේපසුගියදා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදීයි.
එමෙන්ම ඉතාලි අග්රාමාත්වරිය සිය ඉන්දීය සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ආරක්ෂාව, සහ බලශක්තිය යන අංශවලින් ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- යාපනය මහනගර සභාවේ බලය ITAK පිහිටුවයි
- තෙල් මිලත් ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නිසා වැඩි වෙයි.
- නරේන්ද්‍ර මෝදි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට
- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රක්ෂිත බන්ධනාගාරයට
- ලුණු මෙට්‍රික් ටොන් 18,163 මෙරටට
- කේරළ මුහුදේ අනතුරට පත් නෞකාවේ අපද්‍රව්‍ය මෙරට වෙරළ තීරයට
- නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අද මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රීය කරයි.
- තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා රිමාන්ඩ්