වයස අවුරුදු 15 ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහන ලබන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව
කියා සිටියා.
ඒ අනුව පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය, විදෙස් ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය ඩිජිටල්කරණය වනු ඇති.
රුපියල් බිලියන 12 ක පමණ ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන අතර මේ සඳහා ඉන්දියානු ආධාර හිමිවන බව ද කනක හේරත් මහතා සඳහන් කළා.
එමෙන්ම ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- රටේ ජනතාව වත්මන් රජය ප්‍රතික්ෂේප කරලා- සාගර කියයි
- ජාතික සත්ත්ව සංගණනයේ නිර්දේශ ප්‍රකාශයට පත්කරයි
- බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගයි
- බෝරා සමුළුවට රජයෙන් පහසුකම් සැලසෙයි
- මැදවච්චිය – වවුනියාව මාර්ගයේ රිය අනතුරකින් හතරක් රෝහලට
- ඉන්දීය ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින් සදහා ජනාධිපති ශෝකය ප්‍රකාශ කරයි
- පාසල් ගොඩනැගිල්ලට ගසක් කඩා වැටෙයි… සිසුවෙක් මරුට
- ලයිට් බිලට සාපේක්ෂව බේකරි නිෂ්පාදන මිල ?