RECENT UPDATES
12 Jan 2022 | 11:45 AM
133
කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්කර තිබෙනවා.
දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකි වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඉඹුලන්ගොඩ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද රුවන් පෙරේරා පෙන්වා දෙන්නේ සිය කුඹුරු යාය අධික වැලි සහිත පසක් වුවද කාබනික පොහොර යොදා ගැනීමෙන් වී වගාව සරුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.
එමෙන්ම වසර දෙකක පමණ කාලක සිට කාබනික වගාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් සිදුකළ බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මෙවර මහ කන්නයේදී රජය කාබනික වගාව අනිවාර්ය කිරීම හේතුවෙන් රජයෙන් ලබාදුන් පොහොර භ...
29 Dec 2021 | 11:30 AM
149
රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී අfමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
යම් යම් ගැටළු මතු වුවද වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය වසර මෙම වසර බවයි ඒ මහතා ඔහු සඳහන් කළේ.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවය කළ වසර 25 සම්පූර්ණ කළ නිලධාරීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම අභියෝග හමුවේ වුවද ලබන වසරේදී තේ කර්මාන්තය ලාභදායි කර්මාන්තයක් දක්වා දියුණු කිරීමට කැපන වන බව සඳහන්.
ශ්‍රී ලංකාවේ කිරි ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප...
08 Dec 2021 | 10:15 AM
154
22 Dec 2020 | 3:45 PM
189
යූරියා පොහොර නිපදවීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.
මේ අනුව යූරියා පොහොර ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් කෝටි 2600 ක මුදල රට තුළම ඉකිරි කරගැනීමට හැකිවනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂික යූරියා පොහොර අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 340,000 ක් පමණ වන අතර දැනට සමස්ත ප්‍රමාණයම ආනයනය කරනු ලබනවා.
කෙසේ වෙතත් 2019 වසරේදී පමණක් යූරිය පොහොර ආනයන වෙනුවෙන් වැය කර ඇති ම..
21 Dec 2020 | 3:45 PM
212
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් උණ දැව ආශ්රිත කර්මාන්තදාමය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අනුග්‍රහයෙන් ආරම්භ කළ ,උණ දැව ආශ්රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය, අද කටුබැද්ද ලක්සල පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් විවෘත කරනු ලැබුවා. උණ වගාව ප්‍රචලිත කිරීම, උණ දැව ආශ්රිත නිෂ්පාදන හදුන්වා දීම, අපනයන සංවර්ධනය සහ ආශ්රිත සේව..
21 Dec 2020 | 3:30 PM
200
කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් මහතා අද සිට පත්කර තිබෙනවා.
එමෙන්ම කොමර්ෂල් බැංකුවේ නව නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ කේ ඩබ්ලිව් ජයවර්ධන මහතා මෙම මස 29 වනදා සිට පත්වනු ඇති බවයි කොමර්ෂල් බැංකුව නිවේදනය කළා.
හිටපු අගවිනිසුරු ශ්රීපවන් මහතාට පෙර කොමර්ෂල් බැංකුවේ සභ..
18 Dec 2020 | 4:15 PM
199
වත්මන් රජය කිසිම විටක රටට අහිතකර ගිවිසුම්වලට එළඹෙන්නේ නැති බවත්, රටේ ජනතාව පිළිබඳ සිතා එම් සී සී ගිවිසුම බැහැර කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 500 කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි වූ බවත් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද ප්‍රකාශ කළා.
ඉන්දියානු ආධාර යටතේ මෙරට නිවාස ඉදිකිරීම සඳහා පෙර පැවැති ද්විපාර්ශ්වික ගිවිසුම සංශෝධන..
OTHER