RECENT UPDATES


ඉන්දුනීසියානු සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ අතුරුදන්

21 Apr 2021 | 5:30 PM 17

ඉන්දුනීසියානු සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන්ව තිබෙනවා. ඒ, නාවික සාමාජිකයින් 53 දෙනෙකු ද සමගයි. බාලි දූපත ආසන්නයේ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටිය දී මෙම සබ්මැරීනය අතුරුදන්ව ඇති බවත්,
ඒ පිළිබඳ තොරතුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ඉන්දුනීසියානු වාර්තා සඳහන් කළා. 

 

 


අමෙරිකාවේ කළු ජාතික තරුණියක් පොලිස් වෙඩි පහරින් මරුට

21 Apr 2021 | 5:15 PM 13

අමෙරිකාවේ කලු ජාතික තරුණියක පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අමෙරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට අදාළ නඩු තීන්දුව ලබාදී එහි උණුසුම මැකී යාමටත් පෙරයි
ඉහත සිද්ධිය ඔහායෝ ප්‍රාන්තයෙන් වාර්තා වුණේ. කිසියම් ගැටුමක් සම්බන්යෙන් ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානයට පැමිණි විමර්ශන කණ්ඩායමක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති අතර එම ප්‍රහාරයෙන් අවුරුදු 20 කට අඩු තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඩෙරික් ෂෝවින් නැමති පොලිස් නිලධාරියාට 40 වසරක සිරදඩුවමක් නියම කෙරෙණු ඇති බවට ද එරට වාර්තා සඳහන් කළා. සිද්ධිය පිළිබඳ නඩුව විභාග කරන 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාව මේ වන විටත් අදාළ පොලිස් නිලධාරියා සිද්ධියේ වරදකරු බවට ප්‍රකාශයට පත්කර අවසන්. 

 

COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක...

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4



පෞද්ගලික රෝහලක ඇති වූ ගින්න

19 Dec 2020 | 6:30 PM 43

කොරෝනා ආසාධිතයින් ප්‍රතිකාර ලබමින් සිටි, තුර්කියේ පෞද්ගලික රෝහලක ඇති වූ ගින්නකට ලක්ව පුද්ගලයින් 08 කු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඔක්සිජන් සපයනු ලබන යන්ත්‍රයක හටගත් පිපිරීමක් හේතුවෙන් ගින්න හටගෙන  ඇති බවයි විදෙස් වාර්තා සදහන්  කළේ. දැඩි සත්කාර ඒකකයක් තුළ ගින්න ඇති වී ඇතැයිද එහි ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු වෙනත් රෝහලකට යොමුකර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

..

 

ඉන්දියාවේ ගොවි ජනතාව විරෝධතාවක

18 Dec 2020 | 5:30 PM 40

බහුජාතික සමාගම් වෙත සිය ගොවිබිම් අයිති කරගැනීමට අවස්ථාව උදා කරමින් සම්පාදනය කර ඇති නීතිරීතිවලට එරෙහිව ඉන්දීය ගොවීන් තවදුරටත් උද්ඝෝෂණවල නිරත වනවා. එම අරගලයේ 23 වන දිනය අදයි. අරගලයට සහභාගී වී සිටි ගොවීන් 21 දෙනෙකු මේ වන විට විවිධ හේතු මත ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නව නීති ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ගොවි ජනතාව සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණීම වඩාත..

 

නයිජීරියාවේ පැහැර ගත් සිසුන් 344 දෙනා මුදාහරී

18 Dec 2020 | 4:00 PM 40

බොකෝහරාම් කැරළිකරුවන් විසින් පැහැර ගනු ලැබූ නයිජීරියාවේ පාසල් සිසුන් 344 දෙනෙකු මුදාහැර තිබෙනවා. ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි එරට වාර්තා සඳහන් කළේ. වයඹ දිග නයිජීරියාවේ ද්විතියික පාසලක සිසුන් පිරිසක් පසුගිය සතියේදී පැහැර ගනු ලැබුවේ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුවයි. 

 

 

..

 

දිල්ලිය සෙලවෙයි

18 Dec 2020 | 9:15 AM 47

ඉන්දියාවේ දිල්ලි හි භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපාංක 4යි දශම 2ක අගයක් ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අදාළ භූ කම්පනය හේතුවෙන් මෙතෙක් කිසිදු දේපළ හෝ පුද්ගල හානි වාර්තා වී නොමැති බවද එම වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත් භූ කම්පනය සිදුවීමත් සමඟ විවිධ ප්‍රදේශවල ජනයා භීතියට පත්ව සිටි බව එම වාර්තා වැඩිදුරටත..

 


OTHER