RECENT UPDATES
03 May 2022 | 11:45 AM
77
රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් පිළිකා රෝගයෙන් පීඩාවිදීම හේතුවෙන් ශල්‍යකර්මයක් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා. ඔහුට ශල්‍යකර්මය සිදුකරන තෙක් යුක්රේන යුද්ධය මෙහෙයවීම එෆ් එස් බී බුද්ධි සේවා ප්‍රධානියා වෙත පවරා තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපති පුටින් කොපමණ කලක් රෝහල්ගතව සිටින්නේ ද යන්න අනාවරණ වී නැහැ.
02 May 2022 | 12:00 PM
239
ආර්ථික සහ බලශක්ති අර්බුදයට මුහුණ පා සිටින පාකිස්තානයේ දෛනික විදුලි කප්පාදුව පැය 16 ක් සිදු කරන බවට එරට මාධ්‍ය විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. දැඩි උණුසුම සහ විදුලිබලය ද නොමැති වීමෙන් පාකිස්තාන වැසියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවටයි වාර්තා වන්නේ. පසුගිය මාර්තු මාසයේ දී උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ අතර එවැනි උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ වසර 61 කින් පසුවයි. කෙසේවෙතත් එරට තුළ සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් පාකිස්තානයේ කුඩා ව්‍යාපාර බොහොමයක් කඩා වැටී ඇති බවට ද විදෙස් මාධ්‍ය පවසනවා. පාකිස්තානයේ විදුලි කප්පාදුව ආරම්භ කරනු ලැබුවේ ආර්ථික අර්බුදයත් සමඟ ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන්.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක...
29 Apr 2022 | 10:30 AM
14
02 Mar 2022 | 2:30 PM
71
මහජනතාව සදහා පෙට්‍රල් – ඩීසල් සහ විදුලි ගාස්තු සඳහා සහනයක් ලබාදීමට පකිස්ථාන රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කලේ ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවයි. ..
පකිස්ථානයේ ෆෙඩරල් ආදායම් මණ්ඩලයේ ආදායම සියයට 30 කට වැඩි අගයකින් වර්ධනය වීම මීට හේතුවයි. එහි අපේක්ෂිත ඉලක්කය වූ පකිස්ථාන රුපියල් බිලියන 441 ක ආදායම පසුගිය මාසයේදී ඉක්මවා ගොස් තිබෙනවා.
02 Mar 2022 | 2:15 PM
41
රුසියානු ගුවන් යානා සඳහා අමෙරිකානු ගුවන් කලාපයට පිවිසීම තහනම් කර තිබෙනවා.
ජනාධිපති ජෝ බයිඩ්න් විසින් එය නිල වශයෙන් දන්වා සිටියේ අමෙරිකානු කොංග්‍රසය අමතමිනුයි.
රුසියාව තවදුරටත් හුදකලා කර තැබීම මෙහි අරමුණ බවත් පණවා ඇති ආර්ථික සම්බාධක හමුවේ රුසියාවේ ආර්ථිකය දැනටමත් කඩා වැටී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
යුරෝපා සංගමය සහ කැනඩාව විසින්ද දැනටමත් රුසියානු ගුවන් යානා සඳහා ස..
01 Mar 2022 | 3:30 PM
69
සැතපුම් 40 ක් පමණ දිගට රුසියානු යුධ රථ පෙළක් යුක්රේනයේ කිව් අගනුවර දක්වා ගමන් කරමින් පවතින බව චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළා. ඔවුන් බෙලරුසියාව හරහා ගමන් කරමින් සිටින බවද සඳහන්.
මේ අතර රුසියාවෙන් බොරතෙල් ආනයනය අත්හිටුවීමට තීරණය කළ පළමු ජී -7 රට බවට කැනඩාව පත්වී තිබෙනවා. එමෙන්ම යුක්රේනයට යුධ ටැංකි ..
28 Feb 2022 | 3:45 PM
84
රුසියානු දූත පිරිස සමග සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා යුක්රේනයේ දූත පිරිස යුක්රේන-බෙලරුස් දේශසීමාවට පැමිණ ඇති බව යුක්රේනබලධාරීන් නිවේදනය කර තිබෙනවා ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඇති ප්‍රධානම දේ සටන් විරාමයක් සහ යුක්රේන භූමියෙන් හමුදා ඉවත් කර ගැනීම බවයි ඔවුහු සඳහන් කරන්නේ ආරක්ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් සාකච්ඡා දිගින් දිගටම කල් දැමුණු බව මීට පෙර වාර්තා වුණා
OTHER