RECENT UPDATES


ගෝලීය උද්ධමනය වසර දෙකකට ඇදෙනවලු

29 Jun 2022 | 11:30 AM 4

පවතින ගෝලීය උද්ධමනය තවත් වසර දෙකක කාලයක් පැවතිය හැකි බව ලෝක බැංකුව පවසනවා.

එහි ප්‍රධානි ඩේවිඩ් මැල්පාස් සඳහන් කර ඇත්තේ අමෙරිකාව ඇතුලු ධනවත් රටවල් ද මේ වන විට උද්ධමන අනුපාතවලට මුහුණදෙමින් සිටින බවයි.

ධනවත් රටවල් වසර දෙකක් තුළ උද්ධමනයෙන් මිදුන ද ඇතැම් රටවල එම තත්ත්වය පාලනය කිරීමටද අසීරුවනු ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා. 

පොහොර හිගතාවය හේතුවෙන් බොහෝ රටවල ජනජීවිතය මුළුමනින්ම බිඳවැටීමේ අවදානමක් ද පවතින බවයි ලෝක බැංකු ප්‍රධානියා සඳහන් කර ඇත්තේ.


සයිප්‍රසයත් උද්දමනයට ගොදුරු වෙයි

29 Jun 2022 | 11:30 AM 4

ඉදිරි මාස කිහිපය ඇතුළත සයිප්‍රස් රාජ්‍යයේ පාරිභෝගික භාණ්ඩ මිල අඛණ්ඩව ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ හේතුවෙන් ආදායම අවම වීමෙන් මධ්‍යම පාන්තිකයින්ට දැඩි ලෙස ගැටළුවලට මුහුණපෑමට සිදුවන බව සඳහන්.

ඉහළ යන භාණ්ඩ මිල හමුවේ වියදම් පාලනය කරගැනීමට කටයුතු කරන ලෙස එරට රජය මහජනතාවට දැනුම් දී තිබෙනවා. 

මූලික වශයෙන් ඉන්ධන, විදුලිය සහ ආහාර වැනි  අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල උද්දමනය වෙත ගමන් කිරීමේ අවදානමක් මේ වන විට මතුවෙමින් පවතින බවයි සයිප්‍රස් රජය වෙත ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ වන විටත් එරට ඉදිකිරීම්, නිෂ්පාදන, කෘෂිකාර්මික ක්ෂේ5තය කඩා වැටෙමින් පවතින බව සඳහන්. 


පුටින්ට පිළිකාවක්

රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් පිළිකා රෝගයෙන් පීඩාවිදීම හේතුවෙන් ශල්‍යකර්ම...

03 May 2022 | 11:45 AM 101


දෛනික විදුලි කැපුම පැය 16 ක්

02 May 2022 | 12:00 PM 263


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

29 Apr 2022 | 10:30 AM 38


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාටත් වැඩ වැරදී

13 Apr 2022 | 7:45 AM 66



ඉන්දීය ගොවීන්ගෙන් විරෝධතා

14 Dec 2020 | 4:45 PM 142

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ  රජය විසින් හඳුන්වාදී ඇති නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව ඉන්දීය ගොවීන් ආරම්භ කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය මේ වනවිට උත්සන්න වී තිබෙනවා.

දහස් සංඛ්‍යාත ඉන්දීය ගොවීන් පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙම නීතිවලට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක කළ අතර අද ඔවුන් පැය 09ක උපවාසයක නිරත වූ  බවයි විදෙස්  මාධ්‍ය පවසන්නේ .

 

උතුරු කොරියාවටත් හිම පතනය වෙයි.

14 Dec 2020 | 4:45 PM 180

උතුරු කොරියාවේ පියොං යැං අගනුවරට හිම පතනය වීම ආරම්භ වී තිබෙනවා.

හිමපතනය පිළිබඳ එරට රජයේ රූපවාහිනී ජාලය පල කර තිබූ වීඩියෝ දර්ශන බටහිර මාධ්‍යවලද ප්‍රදර්ශනය කෙරුණා.

කෙසේ වෙතත් මෙම වීඩියෝ දර්ශන තහවුරු කර ගැනීම සඳහා ක්‍රමයක් නොමැති බවයි රොයිටර් පුවත් සේවය  සඳහන් කළේ.

 ඇතැ..

 

ස්වාසිලන්තයේ අගමැති කොවිඩ් වැළදී මිය යයි

14 Dec 2020 | 12:30 PM 151

ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්‍රෝස් ඩලමිනි කොවිඞ් වැළදීමෙන් මියගොස් ඇති බව වාර්තා වනවා. කොවිඞ් වෛසරය ආසාදනයවීම හේතුවෙන් පසුගිය සති කිහිපයේ ඔහු ප්‍රතිකාර ලබමින් පසුවුණා.
සති 4ක කාලයක් රෝගයෙන් පීඩා විඳි අගමැතිවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසු වුණා.

..

 

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් බිල්ගේට්ස්ගෙන් අනතුරු ඇගවීමක්

14 Dec 2020 | 11:45 AM 159

ඉදිරි මාස හතරේ සිට හය දක්වා කාලය කොවිඩ් 19 ගෝලීය වසංගතයේ වඩාත් දරුණුතම කාලය වනු ඇති බවට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල්ගේට්ස් අනතුරු අඟවනවා. මෙහිදී බිල්ගේට්ස් සඳහන් කළේ ආරක්ෂණ පියවර නොගතහොත් ඉදිරියේදී තවත් දෙලක්ෂයකට අධික ජීවිත හානි වීමට ඉඩ ඇති බවයි. මේ නිසා මුව ආවරණ පැළදීම හා ඒවා හුවමාරු ක..

 


OTHER