RECENT UPDATES


ගෝලීය උද්ධමනය වසර දෙකකට ඇදෙනවලු

29 Jun 2022 | 11:30 AM 4

පවතින ගෝලීය උද්ධමනය තවත් වසර දෙකක කාලයක් පැවතිය හැකි බව ලෝක බැංකුව පවසනවා.

එහි ප්‍රධානි ඩේවිඩ් මැල්පාස් සඳහන් කර ඇත්තේ අමෙරිකාව ඇතුලු ධනවත් රටවල් ද මේ වන විට උද්ධමන අනුපාතවලට මුහුණදෙමින් සිටින බවයි.

ධනවත් රටවල් වසර දෙකක් තුළ උද්ධමනයෙන් මිදුන ද ඇතැම් රටවල එම තත්ත්වය පාලනය කිරීමටද අසීරුවනු ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා. 

පොහොර හිගතාවය හේතුවෙන් බොහෝ රටවල ජනජීවිතය මුළුමනින්ම බිඳවැටීමේ අවදානමක් ද පවතින බවයි ලෝක බැංකු ප්‍රධානියා සඳහන් කර ඇත්තේ.


සයිප්‍රසයත් උද්දමනයට ගොදුරු වෙයි

29 Jun 2022 | 11:30 AM 4

ඉදිරි මාස කිහිපය ඇතුළත සයිප්‍රස් රාජ්‍යයේ පාරිභෝගික භාණ්ඩ මිල අඛණ්ඩව ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ හේතුවෙන් ආදායම අවම වීමෙන් මධ්‍යම පාන්තිකයින්ට දැඩි ලෙස ගැටළුවලට මුහුණපෑමට සිදුවන බව සඳහන්.

ඉහළ යන භාණ්ඩ මිල හමුවේ වියදම් පාලනය කරගැනීමට කටයුතු කරන ලෙස එරට රජය මහජනතාවට දැනුම් දී තිබෙනවා. 

මූලික වශයෙන් ඉන්ධන, විදුලිය සහ ආහාර වැනි  අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල උද්දමනය වෙත ගමන් කිරීමේ අවදානමක් මේ වන විට මතුවෙමින් පවතින බවයි සයිප්‍රස් රජය වෙත ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ වන විටත් එරට ඉදිකිරීම්, නිෂ්පාදන, කෘෂිකාර්මික ක්ෂේ5තය කඩා වැටෙමින් පවතින බව සඳහන්. 


පුටින්ට පිළිකාවක්

රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් පිළිකා රෝගයෙන් පීඩාවිදීම හේතුවෙන් ශල්‍යකර්ම...

03 May 2022 | 11:45 AM 101


දෛනික විදුලි කැපුම පැය 16 ක්

02 May 2022 | 12:00 PM 263


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

29 Apr 2022 | 10:30 AM 38


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාටත් වැඩ වැරදී

13 Apr 2022 | 7:45 AM 66



ඇමරිකාවේ බෙදාහරින කොවිඩ් එන්නත

14 Dec 2020 | 8:45 AM 165

ඇමරිකාව ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් - 19 එන්නත සියලු ප්‍රාන්ත හරහා ඛෙදාහැරීම ආරම්භ කර තිඛෙනවා. මාර්තු අග වන විට මිලියන 100 කට අධික පිරිසකට එන්නත් කිරීමේ ඇමරිකාවේ අරමුනයි.

මෙහිදී පළමු මාත්‍රා තොගය වියළි අයිස් සහිත බහාලුම්වල අසුරා ඊයේ රට පුරා ට්‍රක් රථ හා ගුවන් යානා මගින් ප්‍රවාහනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.එන්නත ඛෙදා හැරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කරන එක්සත් ජනපද යුද හමුදා ජෙනරාල්..

 

පැය 24 ක් තුළ කොවිඩ් හොඳවෙන බෙහෙතක්

13 Dec 2020 | 7:15 AM 186

ඇමරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් විසින් පැය 24ක් ඇතුලත ප්‍රතිඵල පෙන්වන කොවිඞ් මොල්නුපිවර් නම් ඖෂධයක් හඳුන්වාදී තිබෙනවා.

ෆෙරට් නම් මුගටි විශේෂයක් යොදා ගනිමින් සිදුකර ඇති පරීක්ෂණයකට අනුව මෙම සොයාගැනීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛරසනාශක ගණයට අයත් වන මෙම ඖෂධය ඉදිරියේදී මිනිසුන් යොදා ගනිමින් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

..

 

අමෝරි ප්‍රන්තයේ ප්‍රබල භූ කම්පනය

12 Dec 2020 | 6:45 PM 186

ජපානයේ අමෝරි ප්‍රන්තයේ ප්‍රබල භූ කම්පනයක් හටගත්තා. රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී තිබූ බවයි ජපානයේ කාලගුණ අංශ සඳහන් කළේ. කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි කොතරම්දැයි මේ දක්වා වාර්තා වී නැහැ. 

..

 

නිල වශයෙන් ආරම්භ කරන අභ්‍යවකාශ සංචාර

12 Dec 2020 | 6:45 PM 197

වර්ජීන් අභ්‍යවකාශ යානය මගීන් සමඟ අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් බව සර් රිචඞ් බ්‍රැන්සන් සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 2021 වසරේදී අභ්‍යවකාශ සංචාර නිල වශයෙන් ආරම්භ කරන බව සර් රිචඞ් බ්‍රැන්සන් සමාගම මීට පෙර දැනුම් දී තිබුණා. ඒ අනුවයි වර්ජීන් ග්ලැස්ටික් යානය සිය අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කිරීමට සූදානම් වන්නේ.  ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ..

 


OTHER