RECENT UPDATES


ඉන්දුනීසියානු සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ අතුරුදන්

21 Apr 2021 | 5:30 PM 17

ඉන්දුනීසියානු සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන්ව තිබෙනවා. ඒ, නාවික සාමාජිකයින් 53 දෙනෙකු ද සමගයි. බාලි දූපත ආසන්නයේ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටිය දී මෙම සබ්මැරීනය අතුරුදන්ව ඇති බවත්,
ඒ පිළිබඳ තොරතුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ඉන්දුනීසියානු වාර්තා සඳහන් කළා. 

 

 


අමෙරිකාවේ කළු ජාතික තරුණියක් පොලිස් වෙඩි පහරින් මරුට

21 Apr 2021 | 5:15 PM 13

අමෙරිකාවේ කලු ජාතික තරුණියක පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අමෙරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට අදාළ නඩු තීන්දුව ලබාදී එහි උණුසුම මැකී යාමටත් පෙරයි
ඉහත සිද්ධිය ඔහායෝ ප්‍රාන්තයෙන් වාර්තා වුණේ. කිසියම් ගැටුමක් සම්බන්යෙන් ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානයට පැමිණි විමර්ශන කණ්ඩායමක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති අතර එම ප්‍රහාරයෙන් අවුරුදු 20 කට අඩු තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඩෙරික් ෂෝවින් නැමති පොලිස් නිලධාරියාට 40 වසරක සිරදඩුවමක් නියම කෙරෙණු ඇති බවට ද එරට වාර්තා සඳහන් කළා. සිද්ධිය පිළිබඳ නඩුව විභාග කරන 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාව මේ වන විටත් අදාළ පොලිස් නිලධාරියා සිද්ධියේ වරදකරු බවට ප්‍රකාශයට පත්කර අවසන්. 

 

COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක...

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4



පිල්ප් කුමරු, හිරු නොබසින රාජ්‍යයෙන් බැස යයි

09 Apr 2021 | 5:00 PM 10

බි්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමියා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බකිංහැම් මාළිගය නිවේදනය කර ඇත්තේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටිය දී පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බවයි. 

මිය යන විට පිලිප් කුමරු 99 වන වියෙහි පසු වුණා. එමෙන්ම එළිසබත් රැජිණ සමග 73 වසරක විවාහ ජීවිතයක් ගෙවූ පිලිප් කුමරුගේ අභාවය පිළිබඳ රැජිණ බලවත් ශෝකයකින් පසුවන බව ද එම වාර්තාවල දැක්වුණා..

 

උතුරු කොරියාවෙන් අනතුරු ඇගවීමක්

09 Apr 2021 | 4:45 PM 10

උතුරු කොරියාව අස්ථාවර කිරීමේ ජාත්‍යන්තර වෑයමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව එරට නායක කිම් ජොන් උන් පවසනවා.

සිය පක්ෂ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ මානව හිමිකම් චෝදනා මත උතුරු කොරියාව සිර කිරීමට ජාත්‍යන්තරය මාන බලමින් සිටින බවයි.

මෙම තත්ත්වය තුළ ඉදිරියේදී බලවත් ආර්ථික අර්බුදවලට මුහුණපෑමට සිදුවනු ඇති බවටත්, ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවටත් නායක කිම් ජොන් උන්..

 

2036 තෙක් ජනාධිපති පුටින් ?

06 Apr 2021 | 10:45 AM 28

රුසියානු ජනාධිපති ව්ලැද්මීර්  පුටින්  ට එරට ජනාධිපති ලෙස 2036 දක්වා කටයුතු කිරීමට හැකියාව ලැබෙන නව නීතියකට ඔහු විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව තවත් ජනාධිපති ධූර කාල දෙකක් සඳහා තරඟ කිරීමට ඔහුට අවස්ථාව හිමිව ඇත.

මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන රුසියානු ජනාධිපතිවරයාගේ ධූර කාලය 2024 දී අවසන් වීමට නියමිතව තිබේ.

..

 

ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ඉන්දියාවෙන්

05 Apr 2021 | 3:30 PM 29

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ගෙවුණු දින කිහිපයේදී ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ එරටින් පළමු වරට දෛනික ආසාදිතයින් ලක්ෂය ඉක්මවා වාර්තා වීමත් සමගයි. මේ අනුව ඉන්දියාවේ වඩාත් ජනාකීර්ණ ප්‍රාන්තයක් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි සංචරණ සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා. 

..

 


OTHER