RECENT UPDATES
29 Jun 2022 | 12:45 PM
9
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැදවියන් 600 දෙනෙකු සොයා සිදුකළ මෙහෙයුම් යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් එක්ව අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. මේ හේතුවෙන් තුන්ගාවිල පාලම ආසන්නය ඇතුළු ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත් බවයි ඒ මහතා පැවසුවේ. එම රැදවියන් අද උදෑසන 8 ට පමණ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. එම මධ්‍යස්ථානයේ රඳවා සිටි රැදවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ රාත්‍රියේ සිට එම මධ්‍යස්ථානයේ නොසන්සුන්තාවක් හටගෙන තිබුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
29 Jun 2022 | 12:00 PM
13
රාජ්‍ය බැංකු ඇතුලු පෞද්ගලික බැංකු කිහිපයක් ගනුදෙනුකාරභවතුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
මේ අනුව බැංකු ගනුදෙනු සඳහා ඒවා විවෘතව තැබෙන වේලාවන්වල වෙනසක් සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පවතින ඉන්ධන ගැටළු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ හේතුවෙන් සියලු ගනුදෙනු කටයුතු ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකර ගන්නා ලෙසයි එම බැංකු දැනුම් දෙන්නේ.
මහජන බැංකුව - 8.30 - 2.00 දක්වා
ලංකා බැංකුව - 8.30 - 2.00 දක්වා
කොමර්ෂල් බැංකුව - 9.00 - 1.00 දක්වා
ඩී එෆ් සී සී බැංකුව - 9.00 - 1.00 දක්වා
එන් ඩී බී බැංකුව - 9.00 - 1.00 දක්වා
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප...
29 Jun 2022 | 11:45 AM
7
24 Jun 2022 | 11:15 AM
21
හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් නොර්වුඩ්ප්රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයද නොතකා භුමිතෙල් මිල දී ගැනීමට පැමිණ තිබෙනවා. දින ගණනාවක සිට භූමිතෙල් මිල දී ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිමට පැමිණෙන බවත් පසුව පැය ගණනාවක් එහි රැදි සිට ආපසු හිස් අතින් නිවාස කරා යන බවයි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් කියා සිටියේ. දින 14 කට ආසන්න කාලයක් නොර්වුඩ් සමුපකාර ඉන්ධන පිරවුම්..
24 Jun 2022 | 11:15 AM
18
පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබාදීමට අද සිය ඩිපෝවට ඉන්ධන තොග නොලැබුණු හේතුවෙන් ඒ සඳහා ඩීසල් නිකුත් කිරීමක් සිදු නොකරන බව හැටන් ලංගම ඩිපෝව පවසනවා. හැටන් ලංගම ඩිපෝවේ බස් රථ ධාවනයට පමණක් අවශ්‍ය ඩීසල් ලීටර් 6600ක් ලැබුණු බවත් අද දින ඉන්ධන ලබා ගැනීමට තම ඩිපෝවට පැමිණි පෞද්ගලික බස් රථ ආපසු හරවා යැවු බවයි ඩිපෝ කලමණාකාරවරයා කියා සිටියේ. ඉන්ධන තොග ලැබුණු පසු පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකු..
24 Jun 2022 | 11:00 AM
19
මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ චීන පොහොර නෞකාව යළි ශ්‍රී ලංකාව විසින් භාර ගැනීමට කටයුතු නොකරන්නේ නම් චීන පොහොර සමාගමට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව දැනුම්දී තිබෙනවා. අදාළ චීන පොහොර සමාගමේ මෙරට නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ බලධාරීන් අතර සිදුකරන ලද සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. මෙම පොහොර තොගයේ පරිසරයට අහිතකර ක්සද්ර ජීවින්..
24 Jun 2022 | 10:45 AM
22
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලීසිය පවසනවා. නොර්වුඩ් පොට්රි වතු යායේ සිට කෙසෙල්ගමුඔය ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පොට්රි ඇළ මාර්ගයේ විශාල වළවල් හරා පරිසර විනාශයක් කරමින් එම වළවල් තුළ වූ මැණික් ඉල්ලම් සහිත පස් ඇළ මාර්ගයට ස..
WATCH
OTHER