RECENT UPDATES
29 Jun 2022 | 12:45 PM
9
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැදවියන් 600 දෙනෙකු සොයා සිදුකළ මෙහෙයුම් යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් එක්ව අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. මේ හේතුවෙන් තුන්ගාවිල පාලම ආසන්නය ඇතුළු ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත් බවයි ඒ මහතා පැවසුවේ. එම රැදවියන් අද උදෑසන 8 ට පමණ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. එම මධ්‍යස්ථානයේ රඳවා සිටි රැදවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ රාත්‍රියේ සිට එම මධ්‍යස්ථානයේ නොසන්සුන්තාවක් හටගෙන තිබුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
29 Jun 2022 | 12:00 PM
13
රාජ්‍ය බැංකු ඇතුලු පෞද්ගලික බැංකු කිහිපයක් ගනුදෙනුකාරභවතුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
මේ අනුව බැංකු ගනුදෙනු සඳහා ඒවා විවෘතව තැබෙන වේලාවන්වල වෙනසක් සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පවතින ඉන්ධන ගැටළු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ හේතුවෙන් සියලු ගනුදෙනු කටයුතු ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකර ගන්නා ලෙසයි එම බැංකු දැනුම් දෙන්නේ.
මහජන බැංකුව - 8.30 - 2.00 දක්වා
ලංකා බැංකුව - 8.30 - 2.00 දක්වා
කොමර්ෂල් බැංකුව - 9.00 - 1.00 දක්වා
ඩී එෆ් සී සී බැංකුව - 9.00 - 1.00 දක්වා
එන් ඩී බී බැංකුව - 9.00 - 1.00 දක්වා
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප...
29 Jun 2022 | 11:45 AM
7
10 Aug 2021 | 11:15 AM
110
හැටන් - දික්ඔය නගර සීමාවෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 26 දෙනෙකු අද හදුනා ගැනුණු බව හැටන් - දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පවසනවා. මීට අමතරව පෙර ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් 46 දෙනෙකු පසුගිය 7 වනදා පී සී ආර් පරීක්ෂණයකට යොමු කළ බවත් ඔවුන් අතුරින් මෙම 26 දෙනා ආසාදිතයින් ලෙස හදුනාගත..
10 Aug 2021 | 11:15 AM
111
යාපනය, වැල්විටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයාට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අනුව නගරාධිපතිවරයා මේ වන විට යාපනය, පේදුරුතුඩුව රෝහල වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත් නගරාධිපතිවරයාගේ සමීපතම ආශ්‍රීතයින් සහ නගර සභාවේ නිලධාරීන් ද මේ වන විට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන්ට සහ පී සී ආර් පරීක්ෂාවකට යොමු කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පියවර ගෙ..
10 Aug 2021 | 11:15 AM
111
විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින කොන්සියුලර් සේවාව විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක බවයි එම අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ. ..
10 Aug 2021 | 11:15 AM
86
ගාල්ල ,මකුළුව ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 19 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කලේ ඔවුන් සිය බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
අදාළ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලින් 21 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබුනා.පසුව ඔවුන් සියලු දෙනා pcr ..
WATCH
OTHER