RECENT UPDATES
29 Jun 2022 | 12:45 PM
9
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැදවියන් 600 දෙනෙකු සොයා සිදුකළ මෙහෙයුම් යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් එක්ව අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. මේ හේතුවෙන් තුන්ගාවිල පාලම ආසන්නය ඇතුළු ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත් බවයි ඒ මහතා පැවසුවේ. එම රැදවියන් අද උදෑසන 8 ට පමණ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. එම මධ්‍යස්ථානයේ රඳවා සිටි රැදවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ රාත්‍රියේ සිට එම මධ්‍යස්ථානයේ නොසන්සුන්තාවක් හටගෙන තිබුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
29 Jun 2022 | 12:00 PM
13
රාජ්‍ය බැංකු ඇතුලු පෞද්ගලික බැංකු කිහිපයක් ගනුදෙනුකාරභවතුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
මේ අනුව බැංකු ගනුදෙනු සඳහා ඒවා විවෘතව තැබෙන වේලාවන්වල වෙනසක් සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පවතින ඉන්ධන ගැටළු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ හේතුවෙන් සියලු ගනුදෙනු කටයුතු ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකර ගන්නා ලෙසයි එම බැංකු දැනුම් දෙන්නේ.
මහජන බැංකුව - 8.30 - 2.00 දක්වා
ලංකා බැංකුව - 8.30 - 2.00 දක්වා
කොමර්ෂල් බැංකුව - 9.00 - 1.00 දක්වා
ඩී එෆ් සී සී බැංකුව - 9.00 - 1.00 දක්වා
එන් ඩී බී බැංකුව - 9.00 - 1.00 දක්වා
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප...
29 Jun 2022 | 11:45 AM
7
24 Jun 2022 | 10:30 AM
21
චීන ආධාර යටතේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සහල් තොගයේ පළමු කාණ්ඩ දෙක ලබන 28 වැනිදා මෙරටට ළගාවීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසනවා. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආහාර වැඩසටහන වෙනුවෙන් චීන රජයෙන් මෙම සහල් තොගය පරිත්‍යාග කරන බවයි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. මෙම සහල් තොග කොස්කො ෂින් ෂැන්හයි සහ කොස්කෝ තායිලන්ඩ් යන නෞකා දෙක ඔස්සේ කොළඹ වරායේ සී අයි සී ටී ජ..
24 Jun 2022 | 10:00 AM
21
පෙළ පොත් මුද්‍රණය සඳහා පාකිස්තානයේ ද කඩදාසි නොමැති වීමේ අවදානමක් පවතින බව එරට කඩදාසි සංගම් අනතුරු අගවා තිබෙනවා. කඩදාසි අර්බුදය හේතුවෙන් ලඉන අගෝස්තු මාසයේ ආරම්භ වන නව අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි වනු ඇති බවයි එම සංගමය ප්‍රකාශ කර ඇත්තේ. මේ වනවිටත් පාකිස්තානයේ සින්ද්, පන්ජාබ්, කයිබර් යන ප්‍රාන්තවල පාසල් පෙළපොත් මුද්‍රණය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි විදෙස..
24 Jun 2022 | 10:00 AM
18
නාවික හමුදාව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ..
24 Jun 2022 | 9:45 AM
19
පොදු රාජ්‍ය මණ්ඩලයීය 26 වැනි රාජ්‍ය නායක සමුළුව හෙට රුවන්ඩාවේ කියාලි නුවරදී ආරම්භ වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඊට සහභාගී වන්නේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතායි. මෙවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 54 ක නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ. පොදු අනාගතයක් ලබාදීම සම්බන්ධ කිරීම..
WATCH
OTHER