නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා පාකිස්ථාන ජාතික සභාව අද උදෑසන 11 ට රැස්වීමට නියමිතයි.පාකිස්තාන මුස්ලිම් ලීගයේ සභාපති ෂෙබාස් ශරීෆ් සහ හිටපු විදේශ අමාත්‍ය මොහොමඩ් කුරේෂි එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ කිරීමට නාම යෝජනා ලබාදී තිබෙනවා.
ඔවුන් මෙලෙස නාම යෝජනා ලබාදී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවකින් එම ධුරයෙන් ඉවත් කිරීමත් සමගයි.
70 හැවිරිදි ෂෙබාස් ශරීෆ් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා වනවා.
ඔහු බොහෝ විට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනු ඇති බවටයි අනාවැකි පළව ඇත්තේ.