11 Apr 2022 | 8:45 AM
41
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මෙවර තරගාවලියේ දී ඔවුන් මුහුණ දුන් තරඟ 4න් තරඟ 3ක් ජය ගනිමින්. මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති තරගයේ දී රාජස්ථාන් පිල හමුවේ පරාජයට පත් වූයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා. ශිම්රන් හෙට්මයර් පන්දු 36කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 59ක්. රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 28ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළ අතර අයි.පී.එල් තරගයකදී දැවී යාමකින් තොරව පිටියෙන් ඉවත් වීමට තීරණය කළ පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ. පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 50කට කඩුලු 2ක් දවාගත් අතර දුෂ්මන්ත චමීරට කඩුලු දවා ගැනීමට නොහැකි වුව ද, ඔහු සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 22ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 162ක් පමණයි.
TOP STORIES
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්රතාන්යයේ තරග සංචාරයක නිරත වන
26 Apr 2022 | 3:45 PM
38
FEATURES