මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළට පළමු ජය ගෙනෙයි

13 Apr 2022 | 7:45 AM 44



මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ලකුණු 23කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කළා.

රොබින් උතාපා ලකුණු 88 සහ ශිවම් දූබේ පන්දු 46 කදී නොදැවී ලකුණු 95ක් රැස් කිරීම විශේෂත්වයක්

පන්දු යැවීමේ දී වනිදු හසරංග පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 193ක් පමණයි.

පන්දු යැවීමේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රබල කඩුලු 4ක් ලකුණු 33කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.



COMMENTS


TOP STORIES


නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්‍රතාන්‍යයේ තරග සංචාරයක නිරත වන

26 Apr 2022 | 3:45 PM 38


ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 98


මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළට පළමු ජය ගෙනෙයි

13 Apr 2022 | 7:45 AM 44


කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අංක එකට

11 Apr 2022 | 8:45 AM 41



FEATURES