(naveen pramodya )
04 May 2022 | 11:30 AM
35
එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ශ්රී ලංකා ටෙස්ට් සංචිතය අද ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කළා. ඒ අනුව ටෙස්ට් තරග 2කින් යුත් තරගාවලිය සදහා දීමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් නම් කල මෙම සංචිතයට ක්රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්. නිමා වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියට එක් වූ ලහිරු තිරිමාන්න සහ චරිත් අසලංක සදහා මෙම සංචිතයේ ස්ථාන වෙන්ව නැහැ. ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි තරගාවලිය ක්රීඩා නොකළ රමේෂ් මෙන්ඩිස් යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. දෙරට අතර පැවැත්වෙන පළමු තරගය මැයි 15 වනදා ද, දෙවැනි තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා. 1.) Dimuth Karunaratne – Captain 2.) Kamil Mishara 3.) Oshada Fernando 4.) Angelo Mathews 5.) Kusal Mendis 6.) Dhananjaya De Silva 7.) Kamindu Mendis 8.) Niroshan Dickwella 9.) Dinesh Chandimal 10.) Ramesh Mendis 11.) Chamika Karunaratne 12.) Suminda Lakshan 13.) Kasun Rajitha 14.) Vishwa Fernando 15.) Asitha Fernando 16.) Dilshan Madushanka 17.) Praveen Jayawickrama
TOP STORIES
ශ්රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්රතාන්යයේ තරග සංචාරයක නිරත වන
26 Apr 2022 | 3:45 PM
38
FEATURES