ක්‍රිකට් ක්‍රීඩාවේ නීති භාරකරු මෙන්න

(naveen pramodya )

05 May 2022 | 11:30 AM 16



ක්‍රිකට් ක්‍රීඩාවේ නීති භාරකරු ලෙස සැලකෙන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය ඔවුන්ගේ මීළග සභාපතිවරයා නම් කර තිබෙනවා.

රංගන ශිල්පියෙකු සහ ලේඛකයෙකු වන ස්ටෙපන් ෆ්‍රයි මහතායි ඒ අනුව එම සහභාපති ධුරය සදහා නම් කර ඇත්තේ.

එම් සී සී සමාජය නිවේදනය කළේ ඔහු ලබන ඔක්තෝබර් පළමු වැනිදා සිට අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි.

මේ වන විට මෙහි සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් මහත්මියයි.

විකට නලු‍වෙකු ලෙස ප්‍රසිද්ධ 64 හැවිරිදි ෆ්‍රයි මහතා  2011 වසරේ සිට මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සාමාජිකයෙකු වනවා.

ඔහුව නව සභාපතිවරයා ලෙස පත් කිරීම සදහා නම් කර ඇත්තේ වත්මන් සභාපතිනිය විසින්.

මෙහි සභාපති ලෙස මීට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතායි.



COMMENTS


TOP STORIES


නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්‍රතාන්‍යයේ තරග සංචාරයක නිරත වන

26 Apr 2022 | 3:45 PM 38


ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 99


මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළට පළමු ජය ගෙනෙයි

13 Apr 2022 | 7:45 AM 44


කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අංක එකට

11 Apr 2022 | 8:45 AM 41



FEATURES