(sulochana dharmarathne )
13 May 2022 | 1:15 PM
19
ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් ඇතැම් එළවළු වර්ගවල මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා. එම මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මාස කිහිපයක් පොහොර හිඟවීම හමුවේ එළවළු නිෂ්පාදනය අඩු වීම ඊට හේතුව වී ඇති බවයි. මේ අනුව බෝංචි කිලෝවක් රුපියල් 400 ක්, තක්කාලි කිලෝවක් රුපියල් 370 ක්, කැරට් කිලෝවක් රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ලීක්ස් කිලෝවක් රුපියල් 120 ක්, ගෝවා කිලෝවක් රුපියල් 100 ක් වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
TOP STORIES
ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන
17 May 2022 | 5:45 PM
59
FEATURES