රංජන් නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතා

(Gihan Sampath )

14 May 2022 | 3:00 PM 34



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව වහාම නිදහස් කරන ලෙස ඉල්ලා කලා කරුවන් ඇතුලූ සාමාන්‍ය ජනතාව අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

හෙටට යෙදෙන වෙසක් පොහොය දිනයේදී හෝ දේශපාලන පළි ගැනීම් හේතුවෙන් සිරගත කර සිටින මන්ත්‍රීවරයාට වහාම නිදහස හිම් වියයුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

කලාකරුවන් ඇතුලූ 1000කට ආසන්න ජනතාවක් විරෝධතාව සදහා සහභාගී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවය අද 36 වන දිනටත් අද ක්‍රියාත්මක වනවා. ඊයේ රාත්‍රියේ ද විරෝධතාව සදහා විශාල පිරිසක් පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට නව අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව සිදු කරන විරෝධතාව ද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු පැවසුවේ.



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 57


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 119


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES