(Gihan Sampath )
14 May 2022 | 3:15 PM
212
නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදීයි.
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අමාත්‍යවරුන් පත් කර තිබෙනවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දිවුරුම් දී ඇති අතර, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙද දිවුරුම් දී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතායි.
ප්‍රසන්න රණතුංග මහතා පළාත් සභා හා පළාත් පාලන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙසත්, කංචන විජේසේකර මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.
TOP STORIES
ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන
17 May 2022 | 5:45 PM
57
FEATURES