‘සජිත් එන්න මගේ ආණ්ඩුවට.. අනේ මට බෑ’

(Gihan Sampath )

14 May 2022 | 6:00 PM 43



සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වීමට ආරාධනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලිපියක් යොමු කර තිබෙනවා.

අදාළ ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ පා ඇති ආර්ථික ගැටලු විසඳීම වෙනුවෙන් සියලු දෙනා එකාවන්ව එකතු විය යුතු බවයි.

ඒ සඳහා පක්ෂ භේද අමතක කර එක් වන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් තමා ධනාත්මක පිළිතුරක් අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා සිය ලිපිය මගින් දන්වා ඇත්තේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද අග්‍රාමාත්‍යවරයාගේ එම ලිපියට පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ, රාජපක්ෂලා සමග ආණ්ඩු කිරීමට පවතින අකමැත්ත හේතුවෙන් තවදුරටත් තම පක්ෂය එම ස්ථාවරයේම සිටින බවයි.

මේ අතර, තමන් ඇතුළු සමගි ජන බලවේගය කටයුතු කරන්නේ අරගල කරන ජනතාව ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණවලට සමගාමී වැඩ පිළිවෙලකට බවත් කිසිවිටකත් අරගලය පාවා නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා.

විපක්ෂනාකවරයා මේ බව කියා සිටියේ ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලයට සම්බන්ධ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ හමු වු අවස්ථාවේදීයි.

ඔවුන්ගේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී විපක්ෂනායකවරයා වෙත ලබා දී තිබෙනවා.

 



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 59


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 119


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES