(Gihan Sampath )
14 May 2022 | 6:15 PM
206
මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ නිවාසවලට සහ වාහනවලට ගිනි තැබීම ඇතුළු දේපළ හානි කිරීම් නිසා රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි වාර්තා වනවා.
පසුගිය දිනවල ඇතිවූ කලහකාරී සිද්ධීන්වලින් පසු මැති ඇමැතිවරුන් 55 දෙනෙකුගේ නිවාස ගිනිබත් වූ බවයි පොලිස් වාර්තා සඳහන් කළේ.
එම සිද්ධීන්වලදී වාහන දෙසීයකට වැඩි සංඛ්‍යාවක්ද විනාශවී ඇතැයි සඳහන්.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත හමුවට පැමිණි නියෝජිතයන් රැගෙන ආ බස්රථවලින් 40ක් පමණ ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශ කර තිබුණා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවෙසකට ගිනි තැබීමෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 200 කට ආසන්න බව සඳහන්.
යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන දෙනියාය ප්‍රදේශයේ හෝටල් සංකීර්ණයකට ගිනි තැබීමෙන්ද එවැනිම පාඩුවක් සිදුවී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.
මීට අමතරව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ දේපළවලටද ගිනි තැබීම්වලින් විශාල හානියක් සිදුවුණා.
මේ අතර රක්ෂණය කෙරුණු දේපළ සඳහා වන්දි ගෙවීමට එකවර විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා රක්ෂණ සමාගම් බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින බව වාර්තා වනවා.
TOP STORIES
ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන
17 May 2022 | 5:45 PM
59
FEATURES