(Nadeeka Gunarathne )
17 May 2022 | 3:30 PM
50
ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම සහ එම සිද්ධියෙන් පසු දිවයින පුරා සිදු වු ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 664 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කලේ පොලිස් ස්ථානවලට ලැබුණු පැමිණිලි 791 ට අදාලව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 272 ක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. එමෙන්ම ගත වූ පැය 24 තුළ සැකකරුවන් 258 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 43 දෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ බස්නාහිර පළාතේන් බවත් එම ගණන 444 ක් වනවා. මේ අතර දකුණු පළාතෙන් පැමිණිලි 118 ක් ලැබී තිබෙනවා.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES