(Nadeeka Gunarathne )
17 May 2022 | 4:15 PM
69
දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් සියයට 70 ක පමණ ප්‍රමාණකට ඩීසල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව සමස්ත ලංකා ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් ඊයේ සිට පෙට්‍රල්
බෙදා හැරීම ඉතා අවම මට්ටමක පවතින බවයි එම සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ.
මේ අතඑ දින කිහිපයක් ඇතුළත දී කඩිනමින් ඉන්ධන හිඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යංශයේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මේ වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල සිට ඉන්ධන බෙදා හැරීම සිදු කෙරෙන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES