(Nadeeka Gunarathne )
17 May 2022 | 4:30 PM
51
සියලුම රෝහල්වල දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර සඳහා අවශ්‍ය කරනු ලබන ප්‍රතික්‍රියක නොලැබී යාමෙන් ඉදිරියේ දී දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමකට මුහුණපානු ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසනවා. අදාල යන්ත්‍ර ක්‍රියා කරවීමට අවශ්‍ය ප්‍රතික්‍රියක සඳහා අවශ්‍ය සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු රුපියල් මිලියන 300 ක පමණ මුදලක් මාස 4 කට වඩා වැඩි කාලයක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් තවදුරටත් අදාළ ප්රිතික්රියක ලබාදීම කළ නොහැකි බවටයි ඊට අදාළ සමාගම් දැනුම් දී ඇත්තේ. මෙවැනි ගැටළු සඳහා තාවකාලික පිළියමක් හෝ යෙදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිව යුත නිලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්ත්වයකට මුහුණපා ඇති බව ද සඳහන්. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයට දිගින් දිගටම ණය ලබාදීම හේතුවෙන් ඇතැම් සමාගම් අසාදු ලේඛනවලට එක් වී ඇති බවට ද වාර්තා වනවා.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES