(Nadeeka Gunarathne )
17 May 2022 | 5:30 PM
169
කැබිනට් මණ්ඩලයේ අනෙකුත් ඇමතිවරුන් අද පස්වරුවේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ස්වාධීන මන්ත්‍රිවරුන් අතරින් කිහිපදෙනෙකු ද මෙලෙස අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බව රජයේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සංයුතිය බොහෝ දුරට 18 දෙනෙකුට සීමා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විටත් මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර යන පිරිස මීට පෙර කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව අද දින කැබිනට් අමාත්‍යවරුන් එලෙස දිවුරුම් දෙනු ඇති බවටයි වැඩිදුරටත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES