දෙවසරකට පසු පැවැත් වූ මෙවර පොසොන් උත්සව

(sulochana dharmarathne )

15 Jun 2022 | 9:30 AM 31



කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක වසර දෙකක් පැවැත්වුණේ නැති පොසොන් අසිරිය ඊයේ උත්සවශ්‍රීයෙන් රටේ හැම තැනකම තිබුණා.

ඊයේ දවස පුරා පන්සල්වල ආගමික වතාවත් සිදු වුණා.

දන්සැල්, තොරණ වගේම භක්ති ගීත වැඩසටහන් සංවිධාන කරලා තිබුණා. 

එහෙම පැවැත්වුණු දන්සැල් අතර විශේෂයෙන් පැවැත්වුණු දන්සැල් ද අපිට හමුවුණා. 

ඒ තමයි කොණ්ඩා කැපීමේ දන්සැල.

මෙතැන ඉතිං ගොඩාක් අය කොණ්ඩා කැපීමට ඇවිත් ඉන්නවා අපිට දැකගන්න ලැබුණා.

ඒ වගේම ආර්ථික අපහසුතා මැද්දේ වුණත් සංවිධාන කරලා තිබුණු ආහාරමය දන්සැල්, පළතුරු දන්සැල් හැම තැනකදීම පවත්වලා තිබුණා.

ඒ අතරත් මල් දන්සැල් පන්සල් අසළ පවත්වන්න අමතක කරලා තිබුණේ නෑ.

හැමකෙනාම තමන්ට පුළුවන් විදිහට සංවිධාන කරලා තිබුණු ඒ ව්‍යාපාරවලට සහභාගී වෙන්න ජනතාව ද ඊයේ පෝලිම්වල ඉන්නවා අපිට දැක ගන්න ලැබුණා.

ඉන්ධන වගේම ගෑස් ලබා ගන්න තිබුණු පෝලිම්වලට අමතරව ඊයේ දවසේ ඒ තිබුණ පෝලිම් නම් කිසිම අවුලක් තිබුණේ නෑ.

ඒ කියන්නේ පාරවල් වහලා කාටවත් කරදරයක් වෙන විදිහට කිසිම කෙනෙක්කේ හැසිරීමක් තිබුණේ නෑ. 

හොඳ විදිහට වැඩේ කෙරුණා.

ඔය අතරේ තිබුණා හැටන් ප්‍රදේශයේ පැවැත්වුණු පොඩි දරුවන්ගේ මිහිඳු පෙරහැරක්.

හැටන් මල්ලිඅප්පුල මංසන්ධියෙන් ආරම්භ කරපු මේ මිහිදු පෙරහැර හැටන් නගරය හරහා විදී සංචාරය කරලා හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානය දක්වා
ගමන් කළා.

පෙරහැරට දායක වුණ සියළු බැතිමතුන් හැටන් නිග්‍රෝධාරාමයේ පැවැත්වුණු පොසොන් පින්කම් රැසකටම සහභාගි වුණා කියලා තමයි අපේ හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ කිව්වේ.

හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පූජ්‍ය මහගම විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පෙරහැර පවත්වලා තිබුණා.

දන්සැල්, පෙරහැර වගේම සීල ව්‍යාපාර ටික අවසන් වෙන කොට හවස තිබුණා භක්ති ගීත වැඩසටහනක්.

ඒකට සහභාගී වුණේ පෙර පාසලක දරුවෝ ටිකක්. 

පොඩ්ඩක් විතර විපරම් කරලා බලනකොට තමයි දැනගන්න ලැබුණේ ඒ මහරගම LITTLE MIND පෙර පාසලෙන් කරපු වැඩක් කියලා.

ගුරු භවතුන් එක්ක ඒ පොඩි දරුවෝ ටික හරිම ලස්සනට මේ වැඩේ කරලා තිබුණා.

කිසිම ආයතනයක කෙනෙක් දෙන්න කැමති නැහැනේ කිසිම දෙයක් නිකන්.

හැබැයි, තමන්ගේ ආයතන පරිශ්‍රය නොමිලයේම ඒ බැති ගී ප්‍රසංගය වෙනුවෙන් ලබාදෙන්න මහරගම LADY J ආයතනය කටයුතු කරලා තිබුණා. 

බොදු ගීත එක්ක පැවැත්වුණු ඒ ප්‍රසංගය අවසන් වෙනකල් එතැන රැදී සිටිය හැමෝම කිව්වේ දරුවෝ පොඩි වුණාට හොඳ ගායන හැකියාවක් ඔවුන්ට තිබුණා කියලා.

වසර දෙකකට පස්සේ ආයෙත් තිබුණ පොසොන් අසිරිය ලබන වසරේ දීත් මේ විදිහටම මේ ආකාරයෙන් දැකගන්න හැමෝටම ලැබෙන්න කියලා වගේම නිදුක් නිරෝගී වෙන්න කියලා අපි මේ පොසොන් මාසයේ ප්‍රාර්ථනා කරනවා. 

    



COMMENTS


TOP STORIES


ගගන් මලික් පැවිදි දිවියට

බෞද්ධ රටක් වුණු ශ්‍රී ලංකාව ආගමට අදාළ වන විදිහෙ නාට්‍ය වගේම චිත්‍රපටත් සිනමා අධ්‍යක්ෂවරුන් යටතේ

11 Feb 2022 | 11:30 AM 80


උ/පෙළ දරුවන්ට ඔවදනක්

04 Feb 2022 | 12:30 PM 204


ටින් ටින්ගේ ලොවට ගිය ඉන්දුනීසියානුවා

20 Jan 2022 | 12:00 PM 144


නිරූපණ ශිල්පිනි හසිනි දේශපාලනයට

13 Jan 2022 | 12:30 PM 154



FEATURES