(sulochana dharmarathne )
23 Jun 2022 | 9:45 AM
13
හැටන්- අවිස්සාවේල්ල මාර්ගයේ ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගිනිගත්හේන පොලීසිය පැවසුවේ මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය, පිටවල, පල්ලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නලීන් චතුරංග චන්ද්‍රසේන නැමැති දෙදරු පියෙකු බවයි. කොළඹ සිට නාවලපිටිය පැමිණි ලංගම බස් රථයයක යතුරුපැදිය ගැටී යතුරුපැදිය පෙරළීගොස් බස් රථයට යටවීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා. අනතුරුට පත් යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES