(sulochana dharmarathne )
23 Jun 2022 | 10:15 AM
13
ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය රජයේ විශේෂ දූත පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මෙම දූත පිරිසේ ප්‍රධානත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා මහතා විසින් හොඹවන බව සඳහන්. මෙම ඉන්දීය දූත පිරිසට සිව් දෙනෙකු ඇතුළත් වනවා. ඔවුන් ඉන්දියාවට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් අද උදෑසන 09.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙම පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත් රනිල් වික්‍රමසිංහ යන මහ්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES