(sulochana dharmarathne )
23 Jun 2022 | 10:15 AM
15
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ශෙන්ග් හොන්ග් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, දේශපාලන තත්වය, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ අර්බුදකාරී තත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යන කරුණු සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති බව සඳහන්. සෑම අවස්ථාවකදීම චීනය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, මින් ඉදිරියටද චීනය ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළ බව සඳහන්. මෙම අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව වෙත හැකි සෑම උපකාරයක්ම සිදුකරන බවටයි තානාපතිවරයා එහිදී පොරොන්දු වී ඇත්තේ. එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහාද චීන රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව පැවසූ ඒ මහතා නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීම පිළිබඳව අමාත්‍යවරයා වෙත සිය සුභාෂිංශණ පළ කිරීමට කටයුතු කර තිබෙනවා.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES