(sulochana dharmarathne )
23 Jun 2022 | 12:15 PM
29
නිසි ක්‍රමවේදයට අනුව විදේශගත වන වෛද්‍යවරුන් අසාදු ලේඛන ගත නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කෙසේ වෙතත් විදේශගතව සිට නැවත මෙරටට පැමිණිය යුතු දිනය අභිබවා වෛද්‍යවරුන් පිරිසක් මේ වන විටත් එහි දී සිටින බවයි එම අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජේ. විජේසූරිය මහතා පැවසුවේ. එමෙන්ම නිසි ක්‍රමවේදයෙන් බැහැරව විදෙස්ගත වූ වෛද්‍යවරුන් 50 දෙනෙකු මේ වන විට අසාදු ලේඛන ගත කර ඇති බව ද ඒ මහතා පැවසුවා. ඒ අනුව ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ඔවුන් සේවය අත්හැර ගියා සේ සළකා මෙලෙස අසාදු ලේඛන ගත කළ බවයි ජේ. විජේසූරිය මහතා කියා සිටියේ. ඉන් අනතුරුව අදාළ රටවල්වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට ද මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන්.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES