(sulochana dharmarathne )
24 Jun 2022 | 9:45 AM
20
පොදු රාජ්‍ය මණ්ඩලයීය 26 වැනි රාජ්‍ය නායක සමුළුව හෙට රුවන්ඩාවේ කියාලි නුවරදී ආරම්භ වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඊට සහභාගී වන්නේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතායි. මෙවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 54 ක නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ. පොදු අනාගතයක් ලබාදීම සම්බන්ධ කිරීම, නවෝත්පාදනය සහ පරිවර්තනය යන්න මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ තේමාව වනවා. ප්රජාතන්ත්රවාදය, සාමය, යහපාලනය සහ තිරසර යන සියල්ල ඇතුළත් සංවර්ධනය සහ පශ්චාත් කොවිඩ් 19 ප්‍රතිසාධනය යන ක්ෂේත්‍ර තුන යටතේ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහභාගී වීමට නියමිතයි.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES