රටින් පනින්න ගිය තවත් 35 ක් නාවික හමුදා භාරයට

(sulochana dharmarathne )

24 Jun 2022 | 10:00 AM 18



නාවික හමුදාව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද ඇතුළුව පිරිමි පුද්ගලයන් 25 ක්, කාත්තාවන් 04ක් හා ළමුන් 06 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.

එමෙන්ම එහිදි සිදුකරන ලද වැඩිදුර පරික්‍ෂාවේදී නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රාවෙහි එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවද නිරීක්‍ෂණයවූ අතර එම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්ත්වයේ පවතින බවද අනාවරණ වී තිබෙනවා. 

වයස අවුරුදු 06ත් 56ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. 



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES