(sulochana dharmarathne )
24 Jun 2022 | 10:30 AM
21
චීන ආධාර යටතේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සහල් තොගයේ පළමු කාණ්ඩ දෙක ලබන 28 වැනිදා මෙරටට ළගාවීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසනවා. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආහාර වැඩසටහන වෙනුවෙන් චීන රජයෙන් මෙම සහල් තොගය පරිත්‍යාග කරන බවයි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. මෙම සහල් තොග කොස්කො ෂින් ෂැන්හයි සහ කොස්කෝ තායිලන්ඩ් යන නෞකා දෙක ඔස්සේ කොළඹ වරායේ සී අයි සී ටී ජැටිය වෙත රැගෙන ඒමට නියමිත බව සඳහන්. මෙලෙස චීනය විසින් පරිත්‍යාග කරන සහල් තොගයේ සමස්ත වටිනාකම යුවාන් මිලියන 500 ක්. එම සහල් තොග කාණ්ඩ 6 ක් වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES