කාසල්රී ජලාශයේ මැණික් ගැරූවන්ට වැඩ වරදී

(sulochana dharmarathne )

24 Jun 2022 | 10:45 AM 22



කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලීසිය පවසනවා.

නොර්වුඩ් පොට්රි වතු යායේ සිට කෙසෙල්ගමුඔය ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පොට්රි ඇළ මාර්ගයේ විශාල වළවල් හරා පරිසර විනාශයක් කරමින් එම වළවල් තුළ වූ මැණික් ඉල්ලම් සහිත පස් ඇළ මාර්ගයට සෝදමින් සිටින බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිචී සැකකරුවන් සහ මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ ගොඩදමා තිබූ ඉල්ලම් පසු සහිත උර කිහිපයක් පොලිස් භාරයට ගත් බවයි පොලිසීය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරම මෙහෙයවූ ප්‍රධාන ජාවාරම්කරුද සිටින බවත් සෙසු සැකකරුවන් හැටන්, නෝර්වුඩ් සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචි අවු 25 සහ 35 වයස් කාණ්ඩවල පසුවන්නන් වනවා.



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES