කීර්ති නාමයට හානි කළොත් ඩොලර් මිලියන 1.5 ක් චීන සමාගමක් ඉල්ලයි

(sulochana dharmarathne )

24 Jun 2022 | 11:00 AM 20



මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ චීන පොහොර නෞකාව යළි ශ්‍රී ලංකාව විසින් භාර ගැනීමට කටයුතු නොකරන්නේ නම් චීන පොහොර සමාගමට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව දැනුම්දී තිබෙනවා.

අදාළ චීන පොහොර සමාගමේ මෙරට නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ බලධාරීන් අතර සිදුකරන ලද සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. 

මෙම පොහොර තොගයේ පරිසරයට අහිතකර ක්සද්‍ර ජීවින් හෝ වෙනත් බැක්ටීරියා නොමැති බවට චීන සමාගම සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි ඔවුන් මෙහිදී දැනුම් දී ඇත්තේ.

මේ හේතුවෙන් ප්‍රතික්ෂේප කරන ලද පොහොර නෞකාව යළි භාර ගත යුතු බවත් එලෙස භාර ගැනීම සිදු නොකරන්නේ නම් සිය සමාගමේ කීර්ති නාමයට සිදුවූ හානියට ඩොලර් මිලියන 1.5 ගෙවීමට සිදුවන බවත් එම නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා. 

එම චීන පොහොර නෞකාව සඳහා මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 6.9 ක් ගෙවා ඇති බව සඳහන්. 

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් සඳහන් කළේ අදාළ පොහොර තොගය වෙනුවට එම සමාගමෙන් තවත් පොහොර තොගයක් ආනයනය කිරීම සිදුකරන බවයි.



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 8


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 8


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 9


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 10



FEATURES