(sulochana dharmarathne )
24 Jun 2022 | 11:15 AM
18
පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබාදීමට අද සිය ඩිපෝවට ඉන්ධන තොග නොලැබුණු හේතුවෙන් ඒ සඳහා ඩීසල් නිකුත් කිරීමක් සිදු නොකරන බව හැටන් ලංගම ඩිපෝව පවසනවා. හැටන් ලංගම ඩිපෝවේ බස් රථ ධාවනයට පමණක් අවශ්‍ය ඩීසල් ලීටර් 6600ක් ලැබුණු බවත් අද දින ඉන්ධන ලබා ගැනීමට තම ඩිපෝවට පැමිණි පෞද්ගලික බස් රථ ආපසු හරවා යැවු බවයි ඩිපෝ කලමණාකාරවරයා කියා සිටියේ. ඉන්ධන තොග ලැබුණු පසු පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවද එම ඩිපෝව ප්‍රකාශ කළා. හැටන් ලංගම ඩිපෝව මගින් ඩිසල් ඉන්ධන නිකුත් නොකිරිම හමුවේ හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට කෙටිදුර ධාවනය සදහා දිනපතා එක් කර පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයෙන් ඉවත් කර තිබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES